Sunday, May 13, 2018

HTML





nyq udOH ;dlaIKh fhdod .ksñka
ir, fjí wvú ks¾udKh

























HTML Short note
https://www.mediafire.com/folder/ccvz1xisyqkmn/HTML

Saturday, May 12, 2018


අන්තර් ජාලය

ලොව පුරා පිහිටි පරිඝනක හා පරිඝනක ජාලවල එකතුව අන්තර් ජාලය ලෙස හඳුන්වයි. වර්තමානයේ ඉතා විශාල සේවාවන් රැසක් සපයන අන්තර් ජාලයට හිමිකරුවකු නොමැති අතර (The internet society) නම් ලාභ නොලබන සංවිධානයක් මගින් අන්තර් ජාලය සම්බන්ධව ප්‍රතිපත්ති හා ක්‍රියාකාරික්වය පවත්වාගෙන යනු ලබන නියමාවලි පිළිබඳව කටයුතු කරයි.  

 

URL යනු කුමක්ද ?

අන්තර් ජාලය තුළ බොහෝ සම්පත් හා තොරතුරු අඩංගු වේ.
එම තොරතුරු අන්තර් ජාලය තුළ අනන්‍යව හඳුනා ගැනීමට ඒකාකාර සම්පත් නිශ්චායකය (Uniform resource locator)ලෙස හඳුන්වයි. මෙහි කොටස් කිහිපයක් ඇත.  

 

URL කිහිපයක් හඳුනා ගනිමු

http://www.edupub.gov.lk
  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්ත්ම්න්තුව
http://www.moe.gov.lk
  අධ්‍යාපන අමාත්‍යංශය
http://www.doenets.lk
  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
http://www.nie.lk
  ජාතික අධ්‍යාපන ආයතනය
http://www.nie.lk
  ජාතික අධ්‍යාපන ආයතනය
http://www.e-thaksalawa.moe.gov.lk
  ඉ-තක්ස්ලාව

 

IP ලිපිනය යනු කුමක්ද?

ජාලයක ඇති පරිඝනකයක් අනන්‍යව හඳුනා ගැනීමට මෙම ලිපිනය භාවිතා කරයි. මෙය කොටස් 4කින් සමන්විත වන අතර IPV4 දැනට භාවිතයේ පවතී. (255.255.168.103) 

 

 අන්තර්ජාලයේ කාර්යයන්

 
අන්තර්ජාලය යොදාගෙන ලබා ගත හැකි සේවාවන් රැසක් පවතියි. ඉන් කිහිපයක්
පහත දැක්වේ.
1.  ලෝක ව්‍යාප්ත වියමන
-World Wide Web - WWW

2.  විද්‍යුුත් තැපෑල -Electronic Mail - E-Mail

3.  ගොනු හුවමාරු නියමාවලිය -File Transfer Protocol

4.  දුරස්ථ පිවිසුම -Remote Access

5.  ගොනු ඛෙදා ගැනීම - File Sharing

6.  බහුමාධ්‍ය සැපයුම -Streamingof media

7.  සෙවුම් යන්ත්‍ර- Search Engines